"2023/24 වර්ෂ සදහා නවක ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන පැළඳවීම."


සත්කෝරළයේ පහන්තාරකාව නමින් ශ්‍රී ලාංකීය ජාතික පාසල් අතර කීර්තිමත් ජාතික පාසලක් වන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය 2023/24 වර්ෂ සදහා නවක ප්‍රධාන ශිෂ්‍ය නායක/නායිකා , උප ප්‍රධාන ශිෂ්‍ය නායක/නායිකා ,ජේෂ්ඨ සහ කණිෂ්ඨ ශිෂ්‍ය නායක/නායිකාවන් සදහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2023.05.03 වන දින විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ප්‍රධාන ආරධිත කොමදෝරු ඉන්දික ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වූ වගයි.
විශේෂ සම්මුඛ පරීක්ෂණ කිහිපයකින් අනතුරුව විදුහල්පතිතුමාගේ අනුමැතියෙන් තෝරා පත් කර ගත්
විද්‍යාලයේ 76 වන ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස
P.P.G.G.සරච්චන්ද්‍ර ශිෂ්‍යයාත් ,
ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස
D.M.සෙනායා බණ්ඩාර ශිෂ්‍යාවත් ,
නිල ලාංඡන දැරූ වූ අතර එදින ඔවුන් සදහා එම ධූරවල වගකීම් පවරා දුන් බවත් සතුටින් දැනුම් දෙමු.
එමෙන්ම විද්‍යාලයීය නාමය තවත් ඉදිරියට ඔසවා තබන්නට අවශ්‍ය ශක්තිය,ධෛර්යය, වාසනාව ලැබේවා'යි ප්‍රාර්ථනා කරමින් අපගේ සුභාශිංෂණ පුද කර සිටිමු.